Stargate Magazine

අසාධාරණ සමාජයේ ආනාථයන් සොයා මිනි වලවල් හාරන්නෝ.

12063658_10206575903370041_2322581780597043244_n

12063658_10206575903370041_2322581780597043244_n

ලංකාව කියන්නේ ලෝකෙට විවෘත වෙච්ච පුංචි රටක්.ඔය රට ඇතුලේ අලුත් අලුත් දේවල් හරිම ඉක්මනින් බිහිවෙනවා, පැතිරෙනවා අපිට දැන් දැක ගන්න පුළුවන්. විශේෂයෙන්ම කළා නිර්මාණ හරහා. නර්ථනය පැත්තෙන් හෝ වේවා, සංගීතය පැත්තෙන් හෝ වේවා, නිර්මාණශීලී අලුත් පරම්පරාවක් මේ වෙනකොට බිහි වෙලා තියෙනවා කියල සමාජ මාධ්‍ය දිහා බැලුවම හොදටම තේරෙනවා.පහුගිය දවසක අපි කාටත් හුරු පුරුදු ඔය වෆේ සමාජ මාධ්‍ය පරිශීලනය කරපු වෙලාවක දැක්ක සින්දුවක් නිසාම ඒ ගැන හොයල බලන්න හිතුනා. අනාථයා” සින්දුවට දාළ තිබ්බ නම.

මව්පිය සෙනේහයෙන් වෙන්වී අද ජීවය ගෙවමි මා..
මතුදා ගිනියම් ලෝකය මැද නොපතමි ඉපැදීම මා..”

සිංහල රැප් ආරට නිමවුණු මේ ගීතය, ඇත්තෙන්ම රැප් පමණක්ම නොවෙයි, ගීතය ඇහෙද්දී දැනුන හැගීම තවත් වැඩි කරවන අන්දමේ පද ගැලපිල්ලක් ඉන් අනතුරුව මට ඇහුනා.ඒක නිසාම මේ ගීතයේ නිර්මාණ ශිල්පීන්ව සොයා යන්නට තීරණය කළා. මේ ඔවුන් සමග කරපු සුහද කථා බහක්.

කොහොමද ඉතින්කියමුකෝ බලන්න ඔයාල ගැන පොඩි විස්තරයක්..

හොදින් ඉන්නවා අයියේ. අපේ බෑන්ඩ් එකේ නම grevediggers. සිංහලෙන්ම කිව්වොත් මිනී වලවල් කපන්නො(හිනා). සමාජයේ සිද්ද වෙන අසාධාරණ කටයුතු වලට එරෙහිව වචනෙන් මිනි වලවල් කපන්නෝ කිව්වොත් නිවැරදියි. අපේ බෑන්ඩ් එකේ ඉන්නේ Young D, Steel Black, Pshyco LSD.

එතකොට ඇත්තම නම් ද ඔය?

අපෝ නෑ. Young D කියන්නේ දිමුතුට, Steel Black කියන්නේ නවිදුට, Pshyco LSD කියන්නේ දිනුෂට.අපේ බෑන්ඩ් එකේ හැදෙන හැම සින්දුවකටම වචන ලියන්නෙත් අපිමයි. මියුසික් කරන්නේ දිනුෂ.

කොහොමද කට්ටියගේ මුන ගැසීම?

අපි තුන්දෙනාම එකම මාධ්‍ය ආයතනයක වැඩ කළා. දැන් නං වෙන වෙන ආයතන වල. හැබැයි මොකද්දෝ තිබ්බ සහෝදර බැම්මක් නිසා අපි එකතු වෙලා වඩා කරනවා.

එතකොට මොකද්ද මේ, මේ දවස් වල කතා වෙන “අනාථයා” ?

ඔව්.අපේ අලුත්ම සින්දුව.ලංකාවේ මෙච්චර කල් අපි දැකපු දෙයක් ගැන ලියවුනේ. අම්මල තාත්තලට ළමයි ගැන අගයක් ඇත්තටම නැ නේ.ඒ විතරද හුදෙක්ම තාවකාලික සැපක් හොයාගෙන නිදි වදින තරුණ තරුණියනුත් එමටයි නේ.හැබැයි එයාලට වැරදුනාම එකෙන් එලියට එන හය හතර නොදැන දුක් විදින ළමයි කොච්චර නම් ඉන්නවද? අන්න ඒ අය වෙනුවෙන් ලියවුනු ගීතයක්. රැප් වචන ටික අපි අපිමයි. මේකේ Chorous ටික ලිව්වේ දිනුෂ. සංගීතයත් දිනුෂගෙමයි. Chorous කියන්නේ Jay JkZ කියන නංගි. හොද හැකියාවක් තියෙන කෙනෙක්. වීඩියෝ එක කරලා දුන්නේ DIGI KELI FILMS ආයතනය, හේෂාන් විජේසේකරගේ අධ්‍යක්‍ෂණයක්. ගොඩාක් මහන්සි වෙච්ච් වැඩක්.

මේකද මුල්ම සින්දුව gravediggersලා කරපු?

නෑ, මීට කලින් අපේ එලියට ආව “අසාධාරණ සමාජය “කියල ගීතයක්. (https://www.youtube.com/watch?v=Q7x3xCy4Rv0&spfreload=10) ඒකෙ කියවෙන්නෙත් අසාධාරණයට ලක් වූ යම් යම් පැතිකඩයන් පිලිබදව. අපිව කට්ටිය අතරට ගියේ ඒ සින්දුවෙන්. රවී ජේ තමා මේකට ග්‍රැෆික් වලින් වීඩියෝ එකක් කරලා දුන්නේ. එයාටත් ස්තුතිය යන්න ඕනේ.

ලංකාවේ රැප් ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම අපි ෆීල්ඩ් එකට ඇවිල්ල වැඩි කාලයක් නෑ. ආපු කාලෙට නං කියන්න තියෙන්නේ එකම එක දෙයයි. තමන් ශ්‍රෙෂ්ඨයි කියා ගන්න ගොඩාක් පිරිස් ඉන්නවා අනිත් අලුතින් එන අයට අත හිත දෙන්න තියා හීනෙන්වත් හිතන්නේ නැති. එකෙන් වෙන්නේ ලස්සන වෙන්න තිබ්බ මේක කැත වෙන එක. මොකද ගොඩාක් අලුතින් එන අයට හරි දෙයක් පෙන්නලා ඒගොල්ලන්ට සහයක් දෙන නැතිකමින් වෙන්නේ හිතෙන හිතෙන විදියට නිර්මාණ එලියට දාන එක. කිසිම ගුණාත්මක භාවයක් නෑ. අපි නං වගකීමෙන් කියන්නේ කිසිම විදියකින් කිසිම ආකාරයේ බාල නිර්මාණයක් අපෙන් එලියට යන්නෙත් නෑ, යන්න දෙන්නෙත් නෑ. මොකද අපි අපිම ස්වයං විවේචනයන් වලට යනවා. එකෙන් වෙන්නේ අපි වැරදි දෙයක් කරන්න අපි තුලම බයක් ඇති වෙන එක. මේ සින්දු දෙකමත් ඒකට හොදම උදාහරණ. ලංකාවේ රැප් ලස්සනයි, හිතන්න බැරි වචන සමහරුන්ගෙන් පිටවෙනවා, අර්ථාන්විතව. හැබැයි හරි අත දීමක් නැති වුනාම වෙන්නේ ඒවා නිකන් ගගට කපපු ඉනි වගේ වෙන එක.

කට්ටියම රැප් කරන්න පටන් අරන් කොච්චර කල්ද?

වැඩි කාලයක් නං නෑ. හැබැයි රැප් ලියන්න, විනොදෙට ඒවා කියන්න පටන් අරන් නං අවුරුදු 07ක් 08ක් වගේ.

ගෙදර අයගෙන්, යාලුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

අමතක කරන්න කොහෙත්ම බෑ. ගෙදර අයත් පුදුම සහයක් දෙන්නේ. කවදාවත් රැප් නොකියපු දෙමව්පියෝ අපිට අදහස් දෙන්න, වචන දෙන්න පටන් අරගෙනයාළුවො නං, වචන නෑ. අපිටත් වඩා ඒ ගොල්ලොන්ගේ ෆේස්බුක් ගිණුම් වල අපේ සිංදුවල ලින්ක්ස් ෂෙයාර් කරගන්නවා.

කොහොමද මාධ්‍යයෙන් ලැබෙන සහය?

හැම තැනින්ම නං නෑ. ඔයාල වගේ අලුත් අයටත් සහයෝගය දෙන අය හිටියොත් තමයි. නම් ගම් නොකිව්වට ඇතැම් මාධ්‍ය ආයතන ලොකු සහයක් දුන්න. හැබැයි ඔන්න හැමෝම නං නෑ (හිනා)……

ඉස්සරහාට කට්ටිය කරන්න ඉන්න වැඩ මොනාද? 

අම්මෝ ගොඩාක් ඔලුවේ තියෙනවා. අපි අපේ රාජකාරි මට්ටමින් ගොඩක් කාර්ය බහුල වෙලා ඉන්නේ. ඉඩක් ලැබුණු හැම වෙලාවේම ඉතින් ලියනවා, රෙකෝඩින්ග්ස් කරනවා. ඉස්සරහට අපේ එනවා දැවැන්ත වැඩක් රැපර්ස්ලා 08 දෙනෙක් එක්ක. නම් පස්සෙම කියන්නන්කෝ. ඊට කලින් pshycoගේ සොලෝ එකක් එනවා. වාණිජ මට්ටමේ ලස්සන සින්දුවකුත් එනවා, තව ලංකාවේ කව්රුත් කථා බහ කරන හැබැයි නිවැරදි ලෙස නිවැරදි කෝණයකින් නොබලන මාතෘකාවක් ගැන සින්දුවක් කෙරෙනවා.මේ ඔක්කොම එක පාර කරන්නත් බෑ. ප්‍රශ්නේ කියන්නේ අපේ Young D කම්මැලියා. ලියන්න කාලයක් ගන්නවා. ඒකයි දැනට තියෙන ප්‍රශ්නේ.

අන්තිමට ඉතින් මොනාද කියන්න තියෙන්නේ ඔයාලගේ රසිකයන්ට?

කියන්න තියෙන්නේ එකම දෙයයි. දිගටම ඔය අපි වෙනුවෙන් දිගු කරපු අත අහකට නොගෙන ඉන්න. මොකද කව්රුත් අත දුන් නැති කාලේ අපිත් එක හිටියේ අපිව ඉස්සරහට ගෙනාවේ ඔයාලා. හොද දේවල් මිස නරක නිර්මාණ කරන් නෑ කියන පොරොන්දුව අනිවාර්යයෙන් දෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ඉරාජ් අයියටත් ස්තුති කරනවා. වචනෙනුත් අපිට ඇඩ්වයිස් දෙන එකට. අනික් රැපර්ස්ලාගෙනුත් ඉල්ලන්න ආසයි. අලුත් අයට අත දෙන්න. මොකද ඒ අත දීම තුළින් ඔයාලගේ පැවැත්ම විශේෂයෙන්ම තහවුරු වෙනවා. එහෙම නැතුව උඩට එනකොට කකුලින් ඇද්දොත් තමාගේ පැවැත්මත් නැති වෙනවා කියල මන් හිතන්නේ ඕනෑම ධර්මයකම සදහන් වෙනවා.හැමෝටම ජය.

විශේෂ ස්තුතිය අයියේ ඔයාලට. මේ අවස්ථාව අපිට දුන්නට.ඕගොල්ලෝ තමා අපේ හයිය.

අන්න එහෙමයි අපිත් එක්ක gravediggersලා අදහස් බෙදා ගත්තේ.ඉස්සරහ ගමනට හොද අනාගතයක් ප්‍රර්ථනා කරමින් , දිගටම රැප් කලාවේ ඉදිරියටම යන්න වගේම කරන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා සුභ පතන අපි අද ඔවුන්ගෙන් සමුගන්නවා. මෙන්න ඔවුන්ගේ “අනාථයා” ගීතයේ යු ට්යුබ් ලින්ක් එක.


https://www.youtube.com/watch?v=Y2N36GK-EAU

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

StarGate media solutions. is headed by a team of highly innovative and creative brain storming individuals who specialize in providing the out of the ordinary media solutions ranging from video, audio and mobile solutions. We are ready to break through to the scheduled with a range of products and business venture.

Contact us

Contact Marketing Devision
Telephone: (+94) 771 077 074
eMail: marketing@stargate.lk

Inquiries
Telephone: (+94) 771 077 074
eMail: admin@stargate.lk

Copyright © 2015 StarGate media solutions. All rights reserved

To Top