මාතෘ භූමිය වෙනුවෙන් තීන්දු තීරණ ගනිමින් නිර්භීතව කටයුතු කරන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බව පූජ්‍ය දිඹුලාගල දේවාලංකාර හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව පැවසුවේ මනම්පිටිය ශ‍්‍රී වාලූකානදී බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදි කළ බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්වෙමින්. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ.

එහිදී විශේෂ අනුශාසනාවක් සිදු කරමින් පූජ්‍ය දිඹුලාගල දේවාලංකාර හිමියන් පැවසුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වර්තමානයේ ජාතික වශයෙන් විශාල මෙහෙවරක් ඉටු කරමින් සිටින බවයි.

WP2Social Auto Publish Powered By : XYZScripts.com