ශ‍්‍රී දළදා මාලිගාවේ දළදා කරඬුව කිහිප අවස්ථාවක වැඩම වූ කෑගල්ල මිල්ලන්ගොඩ ජයන්ති ඈතා මිය ගොස් තිබේ.

ඊයේ (29) මෙම ඇතා  මිය යන විට වයස අවුරුදු 70 ක් පමණ විය. 

වයස අවුරුදු හතරේදි දෙහිවල සත්වෝද්‍යානයේ පැවැති ප‍්‍රසිද්ධ වෙන්දෙසියකදි රුපියල් 5500ක වටිනාකමකට වෙන්දේසි වු අවස්ථාවේ දී එස්.ආර්.එස් මිල්ලංගොඩ මහතා විසින් එම ඇතා මිලදී ගෙන තිබුණි.

මෙම ඇතා මිල්ලන්ගොඩ ජයන්ති නම් වන අතර “පොඩි රාජා“ ලෙසින්ද හඳුන්වයි. 

1956 බුද්ධ ජයන්ති වසරේ මෙම ඈතා මිලදි ගෙන තිබු නිසා ඈතාට ජයන්ති නම යොදා ඇත. 

ඈතා මිය යන විට අඩි 9 කට ආසන්න උසකින් යුක්ත විය.

WP2Social Auto Publish Powered By : XYZScripts.com