කොට්ටාව මාකුඹුර ප‍්‍රදේශයේ ඉදිවූ මෙරට ප‍්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අද (31) පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරෙනවා.

ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

බස්රථ හා දුම්රිය පර්යන්ත දෙකකින් හා රථ වාහන ගාල් කිරීමේ පහසුකම් ද සහිත මෙම බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 2,000ක්.

මහරගම නගරයෙන් ගමන් ආරම්භ කෙරෙන සියලූ අධිවේගී මාර්ග බස්රථ හෙට (01) සිට මෙම බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයෙන් ගමන් ආරම්භ කෙරෙන බවයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති සහ මාධ්‍ය අධ්‍යක්‍ෂ ධනුෂ්ක රාමනායක පැවසුවේ.

බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයේ ඇරඹෙන රේල් බස් සේවාවක් ද මහරගම සහ මාකුඹුර අතර කි‍්‍රයාත්මක බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

WP2Social Auto Publish Powered By : XYZScripts.com