පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේදී ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ජාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදා හැරිමට අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් නියෝග කලේ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත හිටපු ඇමතිවරයා මුදා හරින ලෙසයි.

දඬුවමක් වශයෙන් පුද්ගලයෙකු රිමාන්ඩ් භාරයේ රඳවා තබාගෙන සිටීම සුදුසු නොවන බව සළකා හිටපු ඇමතිවරයා ඇප මත නිදහස් කිරීමට නියෝග කරන බවයි අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ප්‍රකාශ කර සිටියේ.

WP2Social Auto Publish Powered By : XYZScripts.com