රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්කළොත් එතැන් පටන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

රාජිත සේනාරත්න මහතා එම තනතුරට පත් නොකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිඛිතව දන්වා තිබෙන බවද එම සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.

මීට අමතරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග වුවද, මේ පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බවද අද (17දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට කටයුතු කළොත් ඉන් පසුව කඩිනමින් මධ්‍යම කාරක සභාව රැස්කර අදාළ ක්‍රියාමාර්ග තීරණය කරන බවද ඔහු පවසා සිටියේය

WP2Social Auto Publish Powered By : XYZScripts.com