සතුන් දඩයම් කර සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පල කල ලසිත් රණවීර නැමැත්තා තංගල්ල අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී එම පුද්ගලයගේ ඥාතියෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. 

සතුන් දඩයම් කර සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පල කල ලසිත් රණවීර නැමැති මෙම පුද්ගලයා පිළිබඳ නෙත් නිවුස් පළමු වරට කරුණු අනාවරණ කළා.

පසුව වැඩබලන පොලිස්පතිවරයාට සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සූගීෂ්වර බණ්ඩාරටද නෙත් නිවුස් ඒ පිළිබඳ සැළකර සිටි අතර විමර්ශන ආරම්භවූයේ ඒ අනුවයි. 

කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මූලික පරීක්ෂණ සිදු කලා. ඔවුන් ලබා දුන් තොරතුරු වලට අනුවයි තංගල්ල අපරාධ කොට්ඨාශය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. 

WP2Social Auto Publish Powered By : XYZScripts.com