සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “සීතාවක පොඩ්ඩාගේ“ සමීපතමයෙකු කිරිඳිවැල, රංවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සතුව තිබි “ෂොට්ගන්“ වර්ගයේ ගිනි අවි දෙකක් පොලිස් භාරයට ගෙන ඇති අතර ඔහු වැඩිදුර විමර්ශන සඳහා කිරිඳිවැල පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

මේ අතර තියුණු ආයුධ ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු සහ පොලීසිය මඟ හැර සිටි පුද්ගලයෙකු මතුගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

“ශාන් අරෝෂ් ජයසිංහ“ නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ නිවස පරික්ෂාවට ලක්කිරීමේ දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය. 

WP2Social Auto Publish Powered By : XYZScripts.com