සුගතදාස කී‍්‍රඩාංගණයේ පාලනාධිකාරිය විසින් කොරෝනා අවදානම් ප‍්‍රදේශවල සිටින සහ හුදකලා ප‍්‍රදේශවල සිටින සිය සේවකයින් සේවයට කැදවා ඇතැයි එහි සේවකයින් චෝදනා කරනවා.

සුගතදාස කී‍්‍රඩාංගණයේ පොදු සේවක සංගමය පවසන්නේ එලෙස අවදානම් ප‍්‍රදේශයක සිට සේවයට කැදවූ සිය සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මේ වන විට තහවුරු වී ඇති බවයි.

පවතින අවදානම් තත්වය පිළිබද සුගතදාස කී‍්‍රඩාංගණයේ පාලනාධිකාරිය දැනුවත් කළද ඔවුන් ඊට අවධානය යොමු නොකරන බවයි සුගතදාස කී‍්‍රඩාංගණයේ පොදු සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් එන් ජී කරුණාතිලක මාධ්‍යවාර්තාකරු වෙත පවසා ඇත.

WP2Social Auto Publish Powered By : XYZScripts.com